Aken's Pov
වේගෙන් ඇදෙන වාහන පිරිච්ච පාරවල් දිගේ වාහනේ මම ඇරන් ගියේ ඉදුවරගේ ඩිස්පැන්සරිය තිබ්බ තැනට.කීල්ස් එකේ කැශියර් ගර්ල් මාව ඕනවට වඩා රස්තියාදු කරපු එක ගැන මගේ හිතේ තිබ්බේ නොරිස්සුමක්.ඒකෙන් වුනේ මම වගෙම මගේ ලයින් එකේ පිටිපස්සේ හිටපු අයටත් ලේට් වුන එක.Being Late And Making things to waste time ,That's what I hate most in Life.
ටයිම් එක ගැන මම හිතන්නේ මම තරම් කවුරුත්ම හිතන්නේ නැතුව ඇති.කාලය මට ගොඩක් දේවල් නැති කරා.මොකද මම ගොඩක් දේවල් වලදි පරක්කු වෙච්ච කෙනෙක්.කාලය මාව අවුරුදු ගානක් තනියම මට ඉන්න පුරුදු කලා.මට තනිකමත් එක්ක විදවීම උරුම කරා.අන්තිමට මට මාව දැනෙන්න ගන්නකොට මම ජීවිතේ ඉගෙනගන්න ගත්ත ඒ පොඩි ඒකාත් මගෙන් ඇත් කලා.ආපහු මට එයාව හම්බෙන කොට අවුරුදු 12 ක් ගියා.එතනදිත් කාලය මාව රස්තියාදු කලා.ඒත් මම ඔයාව හොයා ගත්තා.
ජීවිත කාලෙම දකින්න නොලැබෙයි කියලා සමහර වෙලාවලට යටි හිත කීවත් ඒ හැම වෙලාවකම මම මටම කියාගත්තේ ඔයාව මම මොන ලෝකෙන් හරි හොයාගන්නවා කියලා.නමක් දෙන්න පුලුවන් හැගීමක් මට දැනුනත් ඒ හැගීම විදින්න ඔයා මාත් එක්ක හිටියේ නැ.මට එක පාරක් ඔයාව දකින්න ඕන වුනා.හොදින් ද කියලා බලන්න ඕන වුනා.පලවෙනි දවසෙම ඔයාව දැක්ක මොහොතෙ දැණුනු මගේ හැගීම් අදටත් මට කියවගන්න අමාරුයි.ඔයා සැහෙන්න වෙනස් වෙලා හිටියේ.සැහෙන්න.මම බලාපොරොත්තු වුන කෙනා නෙමෙයි හිටියේ.
හැබැයි ඒ ඇස් මගේ ඇස් ලග නතර වුන වෙලේ මම දැනගත්තා මට අවුරුදු 12 කට කලින් හම්බුනු පොඩි එකා තාමත් ඔයා මවාගත්ත දරදඩු චරිතේ ඇතුලේ හැංගිලා කියලා.ඒ පොඩි එකා මං ගාවට ගන්න උබේ හිතුවක්කාරකම් මම කොහොම ඉවසුවද කියල මම තාම දන්නේ නැ.
උබ නොවී වෙන එකෙක් මාව මෙහෙම ඇවිස්සුවානම් සමහර විට ඒ කෙනාට කරන දේ මම වත් දන්නේ නැති වෙයි.ඒකෙන් මේකෙන් තාමත් මම පුදුම වෙන්නෙ මං ගැන.උබේ දගකාරකම්,හිතුවක්කාරකම්,පන්ඩිතකම්,මාව අවුස්සන කතා අස්සෙ උබත් එක්ක තරහ ගන්නව වෙනුවට වුනේ මම උබට තවත් බැදෙන එකයි.
කේතුර් ඔයා දන්නෙ නැ මම ඔයා ඉස්සරහ කොච්චර ඉවසනවද කියල.පොඩි කාලේ ඉදන් මට ඕන කරන හැමදේම මම හිතන්නත් කලින් මට හම්බෙනකොට,නොලැබෙන දේවල් මම මගේ ලගට කොහොමහරි ගන්නකොට ජීවිතේ පලවෙනි වතාවට මම ඔයා වෙනුවෙන් මගේ හැම ප්‍රතිපත්තියක්ම වෙනස්කරා.අදටත් මට හිතාගන්න බැ උබ ලග තියන් මම මාවම පාලනේ කරගන්න හැටි.ඒකට වෙන්න ඇති ආදරේ කියන්නේ.
YOU ARE READING
නසරාණියා
Non-Fiction"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." #1 In Boylove #3 in friendships #1 in stress #42 in Care #3 in stress out of 7.2...