40

3.2K 326 582
                                    

මහ බබාව බලන්න යන්නේ කොහොමද?වීසා එකක් ගන්න ඕනද?නැත්තන් සීනිගම ගිහින් ඒකගේ ඇට දෙක ඇඹරිලා යන්න කියලා පොල් ගැහුවොත් කෙලින්ම මහ බබා මාව බලන්න එයිද?

එහෙමත් නැත්තන් ඕයි මං වලක් කපන් පනපිටින් වැලලෙන්නම්.එතකොට ශක්‍රයාට අනුකම්පා හිතිලා මාව මහ බබාව බලන්න එක්කන් යයිනේ?එක්කො ඒ ක්‍රමේ හොදයි අර තිහංසා නංගිට කියල වලක් හාරගන්න ඕනේ.කෙල්ලට මොනා නැතත් හොදට කකුලේ ඇගිල්ලෙන් හාරන්න පුලුවන්නේ.මොකක් හරි ක්‍රමයකින් කවුරුහරි මාව මහ බබාව බලන්න එක්කන් පලයන්?අමුක ඩුමුක ඒස්වාහ පුක්!

මම අහසට අත් දෙක දික්කරන් ඔලුවත් වන වන යාතිකා කර කර ඉදලා හැරිලා බලද්දි මහ පගයෝ මං දිහා බල බල යනවා .පකද බලන්නෙ?බැග් චෙක් කරගන්නවනම් චෙක් කරගෙන පලකෝ.ආව මෙතන අහවල් රෙද්දවල් දිහා කට බලියන් බලන් ඉන්න.

මේන් ගේට් එක ගාව අද ප්‍රිෆෙක්ට්ස්ලගේ ඩියුටි බලන්න තිබ්බේ මට.අද නෙලීශයට වැඩ වැඩිම දවසක්.අලුත් වා‍රයක්නේ.එසෙම්බ්ලි මගුලුයි, අලුත් වාරේ කියල වෙනම වැඩ පිලිවලුයි එක්ක ඌ උදේ ඉදන් ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකට රින්ගගත්ත ගමන්.චිරා මෙතන බැග් චෙක් කරන එක පැත්තකින් තියලා නහින්න හදනවා පිනා උගේ මනුස්සය ඇහැට කනට පේන්න ඉන්න නිසා ලයින් කියලා.අනේ මේ බේසිකයට කට වහන් ඉන්න බැනේ.අර බැදලා දරුවොන්ගේ දරුවොත් බලන්න ලැස්ති වෙන්න ඉන්න ලොකු සර්ට කුනු කතා හදන්න.

ඒත් චිරාගේ ඇන්ගල් එකට අනුව ප්‍රින්සිපල් සර් වැඩිලු ඌගේ මිනිහා එක්ක ඉන්නවා.හැම මගුලටම උගේ මිනිහට කතා කරනවලු.උගේ මනුස්සයගේ වැඩේම බැලුවොත් ලොකු සර්ගේ කාමරේ රින්ගන් ඉන්න එකලු.ඉතින් ඌ නැතුව මූ ගිහින් ප්‍රින්සිපල් සර් එක්ක ඉන්නැයි?මනුස්සයා හෙඩා නිසා එහෙම තමා කිව්වට මූ අහන්නෙ නැ.මූට කියන කට හොදයි ගෙදර ගිහින් මිරිස් ගලේ උලාගන්නවා.

ඒකා මේ දැනුත් තකහනියක්ම ගිහින් ආවේ ප්‍රින්සිපල් සර් එක්ක දෙකක් කතා කරලා එන්න කියලා.හැබැයි උගෙත් කට විතරයි .ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එක ගාවට ගිහිල්ලා ආපහු හැරිලා ඇවිල්ලා.හේතුව ඇහුවම කියනවා ඌට ඔෆිස් එක ඇතුලට යන්න බැලු.

නසරාණියා(Onhold A/L)Where stories live. Discover now