හොස්පිටල් එකේ දවස් තුනක් නැවතිලා ඉදල තමයි අන්තිමට ගෙදර ආවේ.ඒකත් නාහෙන් අඩල එක්තරා හික්නැලෙක්ට වාතයක් වෙලා ඌව හපලා හූරලා තමයි ඔහොමවත් ගෙදර ආවේ.නැත්තන් මන් හිතන්නේ අකේන්කාරයාගේ හිතේ තිබ්බේ මාව සදාකල් එක්ටැම්ගේ හිරකරපු උන්මාද චිත්‍ර වගේ අර කාමරේට දාල වහල තියන්නෙ.එතකොට මුට පුලුවන්නේ ලෝකයාගෙන් මාව වසන් කරල දීඝගාමිනී කුමාරයා වගේ ඇවිත් යන්න.ඊට පස්සේ පුත් කුමරෙක් හදන්නද දන්නේ නැ කුමාරයාගේ කල්පනාව.
මොකද වෙන එකෙක්ට මාව හම්බවෙලා වචන දහයක් කතා කරන්න දෙනවද?නැනේ?නෙලීශයා මා කෙරේ උපන් සහෝදර හක්තියෙන් මාව බලන්න සහ පිරිවර සමග නොපැමිණ තනියම ආවා.ඌ කොහොමත් එහෙම තමා හිතුනොත් ගෙදරට ඇදන් ඉන්න එක පිටින් එනවා.නෙලීශයා ඉතින් මම කන්නම ආස පේස්ට්‍රි තොගයකුයි අයිස් කොෆි වගයකුයි උස්සන් ඇවිත් හිටියා.
අපි දෙන්න ඉතින් සුපිරි චැටක් දාන් හිටියේ.මැදින් ඉතින් ඔය කාලගුන දෝශ වගයක් ආවා.දන්නේ නැද්ද ඉතින් සද්ද බද්ද.සමහරු පොතක් මේසේ උඩින් තිබ්බත් පොලවේ ගහනවා වගේ මේසේ උඩින් තියන්නේ.ඒකට නෙලීශයා ඇර අපි දෙන්න ඉන්න වෙලාවට මම ඉන්න ඕන පූස් පැටියා වගේ.වෙන එවුන් ආවහම මේක අඩන්නේ නිකන් මහපාර මැද්දේම අම්ම කුක්කු ඕනේ පොඩි එකෙක් වගේ.බොරුවට අවදානේ ගන්න දගලනවා.
ඕන් ඉතින් ඇ මම පේස්ට්‍රියක් කකා හිටියේ පාඩුවේ.පේස්ට්‍රි නම් ඉතින් දන්නවනේ පුතේ කනවට වඩා නාන්නනේ තියෙන්නේ.මට ඉතින් ලොකුවට ටේබල් මැනර්ස් නැ.ශේප් එකේ පේස්ට්‍රිය කාල දාල ඉද්දි නෙලීශයා මට මගේ කට වටේ පිහින්න උදව් කර කර ඉද්දි අම්මෝ අකේන්කාරයාට සැහෙන්න කැස්සක් ගියා.
"හේශ්?"
කැස්ස සීරිස් එකක්ම ගියා.මුලින් නම් මන් හිතුවේ බොරුවට කියලා.බලද්දි අනේ ඇත්තටමනේ.අන්තිමට කේතූර් ගාන්නවත් බැරුව හිටියේ.උගුර බල්ලෝ කාල වගේ.ඇයි අනේ කොච්චර කැස්සද කියන්නේ අන්තිමට මම නෙලීශයා අතේ සල්ලි යවලා අකේන්කාරයට ගෙනත් දුන්න රාජපුර කැස්ස පැනිය.මොනා වුනත් දැන් වයසක අයනේ.තරුණ පරම්පරාව වශයෙන් වියපත් පරම්පරාව රැක බලා ගැනීම අපේ යුතුකම.
YOU ARE READING
නසරාණියා
Non-Fiction"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." #1 In Boylove #3 in friendships #1 in stress #42 in Care #3 in stress out of 7.2...