රන් සමනල්ලු 16

753 92 104
                                    

උදැසන තේ පානයෙන් අනතුරුව නිමලා මහත්මිය විසින් පිළියෙළ කල උදැසන ආහාරයද ගත් කන්සය් හා අමායා ඔවුන්ගේ විශ්ව විද්‍යාලයේ පළමු දිනය ගත කිරීමට පිටත් වූහ. නවක වදය ක්‍රියාත්මක වන කාලසීමාව බැවින් තැනින් තැන විවිධ වැඩිහිටි ශිෂ්‍යයන් විවිධ අබියෝග නවකයන්ට දෙනු පෙනිණි.විශ්ව විද්‍යාලය තුලට එන විවිධ තරාතිරම් වල සිසුන් අතර එකිනෙකා සමගී කරවීමටත් සියල්ලෝම එකම පන්තියේය යන සමානාත්මතාවය ඇති කීරීම මෙම නවක ව ප්‍රධාන අරමුණු වේ. එව එතරම කුරිරු ගනයේ එව නොවූ අතර සමහර තැනක කුරිරු ගනයේ ඒවාද දක්නට නැත්තේද නැත.එවන් බේරී සිටීමෙ වගකීම ශිෂ්‍යයා සතු වෙයි..කන්සය් හා අමායා මාර්ගය දෙපස තැන තැන නවකවදය සිදු කරන අයුරු බලමින් පලමු දේශනය පවත්වන දේශන ශාලාව වෙත ගියෝය.

දේශන ශාලාව පෙනෙන මානයේදි ඔවුන්ගෙ ඉදිරිය අවහිර කරමින් දෙක වසරෙ පමණ යයි සිතිය හැකි වැඩිමහල් පිරිමි ළමුන් පිරිසක් සිට ගත්තෝය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දේශන ශාලාව පෙනෙන මානයේදි ඔවුන්ගෙ ඉදිරිය අවහිර කරමින් දෙක වසරෙ පමණ යයි සිතිය හැකි වැඩිමහල් පිරිමි ළමුන් පිරිසක් සිට ගත්තෝය.

"අහ්හ්.. කොමද කොහෙද යන්නේ දෙන්න ජෝඩු දාල "

හිතුවක්කාර පෙනුමක් තිබු මුහුණ පුරා ඇමේසන් වනාන්තරය මෙන් රැවුල වවාගත් කොණ්ඩය කැරලි ගැසී තිබුණු කළු ඇස් සහිත යම් තරමක කඩවසම් යැයි කිව හැකි පිරිමිළමයෙක් කන්සාය් ලගට පැමිණ ලං වී ඇසුවේය.

"කුරුණෑගල ඉදන් " කන්සය් ගණනකට නොගෙන පිරිමි ළමයා දෙස කෙලින් බලාගෙන කීවාය.

"තමුසේ දන්නවද කොහේද ඉන්නේ කියලා... අහ්හ්.... තමුසේ දන්නවද කොමද මෙහෙ කතා කරන්න ඕනි කියලා " සිසුවා ඇද සිටි කළු පැහැති අත් දිග කමිසයේ රෝල් කර තිබු වැලමිට අත් මදක් උස් කරමින් ඇසිය.
කන්සාය්ගෙ දත් මිටි කැවුණි. දෙකක් අනින්නට සිතුනද පිරිමි ළමයා සමග තවත් පිරිමි ළමුන් හතරක් සිටි නිසා ඒ අදහස අතහැර දමා ඔවුන් කියනා දෙයකට අවනත වීමට සිතුවාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now