රන් සමනල්ලු 2

1.2K 122 103
                                    

උදේ සිටම මහත් අප්‍රසන්න හැගීම් දනවන සිදු වූ සිදු වීම් රැසක් නිසා කන්සායි මහත් පිඩාවට පත් වී සිටියාය.තමා පන්තියෙ කිසිවෙක්ට කිසිදු කරදරයක් නොකොට හොදීන් සිටීමට සිතා සිටින විට කුමක් කො මරාල උල්කාපාතයක් කඩා පාත් වන්නේ ඇයි දැයි සිතීමට යාමෙන් පවා ඇය මහත් වෙහෙසට පත් වී සිටියාය. ඊටත් වඩා අද පැමිණි තොදොල් ඉටිගෙඩිය තරහ අවුස්සා දමන කෙහෙල් මල්ලක් විය. පාසල ඇරී එන්නට මොහොතකට පෙර තමාට හුසේන් බෝල්ට් යනුවෙන් අමතමින් ඇවිස්සූ තරහ තාමත් බුර බුරා ඇවිලෙන නිසාදෝ තාමත් අත් දෙක මිට මෙලවී දත් පුට්ටු වෙමින් පැවතුනි. එක් වරක් හෝ අමායාගෙ මුහුණ දෙස නොබැලුවද තමාගේ ලගට ලං වීම නිසා අමයගෙන් හැමු පිච්ච මල් සුවද නිසා ඔක්කාරයට ඒමට ඔන්න මෙන්න තිබිණි.කිසිම බාහිර ආලේපනයක් බාවිත නොකරන කන්සායිට සුවද විලවුන් සුවද වහ කදුරුය.

"එයා නම් මහා ජරාවක් "

අත් මිට මෙලවා වරෙන් පහරක් මේසයට ගසමින් කාන්සායි කැ ගැසූවේය.. නිවසේ බොහෝ ඉඩ කඩ තිබුනද නිදහස තරම් වටිනා දෙයක් ඇයට නොතිබූ බැවින් සොල්දරය පිලිසකර කර එහි තමාගේ නිදන කාමරය සදා ගැනීමට කන්සායි කටයුතු කර තිබුනාය. මේ නිසා කෙතරම් කැ ගැසුවද පහලට ඒ කිසිවක් ඇසුනේ නැත.
වහා ඇග පත හොදගත් කන්සායි සුදු පැහැති කොට කලිසමක් හා සුදු කපු කමිසයක් ඇග ලා ගෙන රාත්‍රී ආහාරයවත් ගන්නට නිදාගත්තාය.
අවදි වන විට අලුත් දිනයක් උදා තිබුනේය. කන්සායි සොල්දරෙන් පහලට බැස මුණ කට සෝදා උදේ ආහාරය ඉක්මනින් ගත්තාය. පාසල් ඇදුම් ඇගලා ගත් ඇය සුපුරුදු අලස කමින් පාසල වෙත ඇවිද ගියාය.
පන්තිය පිහිටියේ දෙවන තට්ටුවේ බැවින් කන්සායයි ඔහේ දෙපසට වැනෙමින් පඩිපෙළ නගිමින් පන්තියට ගියාය.වෙනදාට හිස්ව තිබෙන එහා මේසය මත තොදොල් කෙල්ලගේ බැගය උදේ පාන්දරින්ම තිබෙනවා ඇය දැක තරහින් අහක බලා ගත්තාය.හිස් වී තිබෙන පුටුවෙන් ඇය කොහේ හෝ රොන්දයක ගොස් ඇති බව පෙනුනෙන් කන්සායිට සතුටක් දැනිණි..

"පිටිපස ළමුන් සමග කොහේ හ‍රි යන්න ඇති..." ඇය සිතුවාය. නමුත් පිටුපස හැරි බලන විට ඔවුන්ගේ ඩෙස්ක් හිස වී තිබිණි... ඔවුන් සමග නොගියේ නම් නොදන්නා පාසලක රෝන්දේ ගියේ කා සමගද... කන්සායිට මහත් ප්‍රශ්නයක් විය... නමුත් තමාට ඒ හිස රදයෙන් ඇති වැඩක් නැති නිසා අමායා පිලිබදව සිතීම පසක තබා මේසය අස් කර ඒ මත හිද ගෙන තාමත් නිදිමත පහව නොගිය මලානික දෑසින් පන්තියේ කළු ලැල්ල දෙස ඔහේ බලා සිටියාය. ටික වෙලාවකින් ඇගෙ දැස් පිය වෙමින් පැවතිනි. එක්වරම යමකු උරහිස තෙරපනවා මෙන් දැනුනු නිසා ඉක්මනින් කන්සාය් දැස් හැරියාය. ඒ පන්තියේ ඉමාලිය

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now