රන් සමනල්ලු 14

811 100 57
                                    

රාත්‍රී අහාරයෙන් පසුව එතරම් රෑ බෝවී නොතිබූ බැවින් කන්සාය් අමායාව ඇය විසින් නිවාඩු සමයේ අඹ ගසක අත්තක සැදූ කුඩා පැලක්‌ වැන්නකට රැගෙන ගියාය. නිවසෙන් මදක් ඈතට වන්නට පිහිටා තිබු බැවින් අඹ ගස මත තිබු පැල තිබුනේ මද අදුරේය. අඹ ගසේ ශක්තිමත් අතු දෙකකුත් කදත් අල්ලා ලි වලින් නිමවා තිබු එහි වහලක් රහිත වීය. ලි වලින් පහල සිට උඩට යන ලෙස ඉනිමගක් තනා තිබුනේය. කන්සායි ප්‍රථමයෙන් පැලට නැග අමායාටද ඒ මතට නැගිමට උදව් කලාය. ඔවුන් දෙදෙනාම කකුල් පහලට දමා පැල මත හිදගත්හ. පුන් සදක් පායා නොතිබුනද අද සදෙන් ලැබුණු එළියෙන් අවට පෙනෙන නොපෙනෙන තත්වයේ තිබිණි. ඈත ගෙවල් කිහිපයක තැනින් තැන විදුලි බුබුළු දැල් වී තිබෙනු පැලට පෙනුනේය. පුර්ණ බවට මදක් ලං වූ චන්ද්‍රයා සමග පායා තිබු තරු , පැලට වහලක් නොමැති හා එයා උස් වූ නිසා වඩා හොදින් පෙනිණි. මෙ සියල්ලම නිසා කන්සාය්ට හා අමායාට ප්‍රේමනීය රාත්‍රීයක් උදා වී තිබුනේය.

කන්සාය් දණහිසෙන් උඩට වන්නට සුදු පැහැති කලිසමක් හා වැලමිටට අත් නැමු මදක් ලොකු බ්ලවුසයක් ඇද සිටියාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කන්සාය් දණහිසෙන් උඩට වන්නට සුදු පැහැති කලිසමක් හා වැලමිටට අත් නැමු මදක් ලොකු බ්ලවුසයක් ඇද සිටියාය.අමායා පෙර සුදානම්ව නොපැමිණි නිසා කන්සාය්ගෙ කළු කොට කලිසමකුත් කන්සාය්ගෙ මවගේ මල් වැටුණු පමණනට වඩා ලොකු බ්ලවුසයකින් සැරසී සිටියාය.. පමණට වඩා ලොකු වීමෙන් එය උරහිසෙන් පහලට එල්ලා වැටුනේය.
"කන්සා.. ඔයාද මේක හැදුවේ..."
"හ්ම්ම් " කන්සාය් අහස දෙස බලාගෙන කීවාය.
"ලස්සන තැනක්‍.."
මද වෙලවක් ඔවුන් දෙදෙනාම නිහඩව අවට සිරි නැරබූහ.

"සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ"

අමායා අහස දෙස බලාගෙන ගායනා කරන්නට පටන් ගත්තාය.කන්සාය් අමායා දෙස මදක් ඔලුව ඇල කර අත් දෙක පිටුපසට තබා එයට බරදී ඇය දෙස බලා සිටියාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now