26.

1.5K 267 46
                                    

"නැන්දේ.. කෝ සහනයා ඉන්නවද?"

මං හිටියෙ සහන්ලෑ ගෙදර. ඊයෙ තරහවෙලාද කොහෙද ගිය පාර මං දුන්න කෝල් එකකටවත් පගයා ආන්සර් කලේ නෑ..

"ඔන්න ඔය කඩේට ගියා පුතේ. උයල තියන ඒවා කන්න බෑ කියල සොසේජස් පැකට් එකක් අරන් එන්න කියලා. තෙල වැඩිවෙලා ගුණ දෙයක් කටේ තියන්නෑ දැන්"

පියසීලි නැන්දා එහෙම කියල බත් වගයක් වේලන්න දාන්න මිදුලට යද්දි මම ඉස්තෝප්පු ගැට්ටෙන් ඉදගත්තා. සහනයාගෙ තෙල් ඉතින් එදා ඉදන් වැඩියිනෙ.. නැන්දා ට දැනුයි තේරිලා තියෙන්නේ

නැන්දා දීපු හකුරු කෑල්ලකුත් හප හප මම විනාඩි දහයක් විතර ඉදගන ඉන්න ඇති. සහන් මොටා සිලි උරේකුත් වන වන ඈත ඉදන් එනවා.. මිදුල මැදටම ඇවිත් මාව දැක්කා විතරයි තප්පරයක් දෙකක් විතර මා දිහා බලන් ඉදලා ඊට පස්සෙ ආයෙම වයින් කරපු එකා වගේ වන වනම මාව ගනන් නොගෙන ගේ ඇතුලට ගියා.. පකයා පලිගන්න නම් දන්නෙම නෑ කොහොමත්!

මං සහන් ගෙ පිටිපස්සෙන් ගේ ඇතුලට යද්දි කුස්සියෙ ඉදන් එලියට ආව කාව්‍යා මාව දැකලා නතර උනා.. කෙල්ල දැන් නම් පිම්බිලා වගේ.. බෝලයක් වගේ බඩකුත් උස්සගන මාව දැකලා යන්තන් හිනා වුන කාව්‍යා මාව මගෑරලා වගේ එලියට ගියේ මාත් ඒක ගනන් නොගෙන සහන්ගෙ කාමරේ ඇතුලට යද්දි.

සහනයා ඇද උඩට වෙලා පුකත් උඩ දාගන ෆෝන් එකේ කෝල් එකක්..දැන් ඉතින් මූව යාලු කරගනින්කෝ. මම ඌ කෝල් එක ඉවර කරනකල් ඇද විට්ටමට හේත්තු වෙලා කොට්ටයක් ඔඩොක්කුවට ගත්තා..

"ඔව් අයියේ.. මං මගෙ ඇස් දෙකටම දැක්කා"

සහනයා කා එක්කද මන්දා කට හද හද ලොකු කතාවක්. මමත් කන හොදට උල් කරගන උගේ කතාවට සවන් දුන්නා..

"එදා ඔයා කිව්වෙ කොහොමද හරියටම? අපි ඉතින් යාලුවෝ අපිට ඔක්කොම කියනවයි කියලනෙ හිතන් ඉන්නෙ.."

හම්මට මූ මේ මටද හින්ට් ගහන්නෙ

"ඔයාගෙ සුදු පුතා තමයි..නල්ලමලේ පුතා.. ලැජ්ජ නැතුව කාමර අස්සට වෙලා නටන නැටුම් මම මේ කියන්නෙ අපිටත් හොරෙන්"

ඒක ඇහුනා විතරයි මාව උඩ ගියා..මූ සුදු බාප්පා එක්කද කොහෙද කතා කරන්නෙ. පගයා ඔක්කොම කියල වගෙයි..

ඇහි පිල්ලම් යට (TaeKook)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin