06.

1.5K 246 57
                                    

"බෙහෙත් ටිකක් ගන්න යමුද පුතේ හවසට?"

"ඕන්නෑ අනේ.. හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්ඩ ලැජ්ජ නැද්ද අම්මෙ!"

"අනේ යකෝ ලෙඩකට බෙහෙත් ගන්න එකේ මොකද්ද තියන ලැජ්ජාව? උබට මාර ඒවටනෙ ලැජ්ජ හිතෙන්නෙ"

අම්මායි මායි හිටියෙ කුස්සියෙ. අද ඉරිදි නිසා අම්මා නිවාඩු. ඊයෙ තෙමිලා තෙමිලා ඇවිල්ලා රෑ උණ ගත්තට උදේ වෙද්දි පැනඩෝල් එකේ පිහිටෙන් උණ අඩු උනත් දැන් මේ මට හෙම්බිරිස්සාවක් හැදිලා තියෙන්නෙ දොඹෙන් යන්න.

නහයට ටිශූ දෙකකුත් ඔබාගන මම මේ වම්බටු කපනවා.. මොකටද දන්නවද කාව්‍යා අක්කට බත් එකක් යවන්න.. අද අම්මාත් ගෙදර එකේ එයාට ඕනලු බඩදරු කෙල්ලට රස බත් එකක් යවන්න මං අතින් හදලා. ලෙඩ උනත් නිදහසේ ඉන්න නෑ මේ ගෙදර..

හිච්චා බඩිල්ලාත් එක්ක මිදුලෙ නටනවා. අපරාදෙ කියන්න බෑ බඩිල්ලාටත් තියෙන්නෙ එසේ මෙසේ ගායක් නෙවෙයි උගෙත් වැඩෙ නැගිට්ට වෙලේ ඉදන් අර හූනු බිජ්ජ වගේ තියන නැට්ටත් වන වන හිච්චා වටේ කැරකෙන එක..

මගේ වෙලාව හොද කමට අද ජයන්තයාගෙනුත් කෝල් එකක් ආවෙ නෑ.. ඊයෙ තෙමිලා මූට මොකක් හරි වෙලාවත්ද.. අහ් නෑනෙ මලපාන්දර කෝල් කලානෙ මට බඩිල්ලෙක් ගැන අහන්න..

කොහොමත් නැගිට්ට වෙලේ ඉදන් මම ෆෝන් එක ඇල්ලුවෙවත් නෑ ඔලුවෙ කැක්කුම හින්දා.. කෝල් කලොත් ඇහෙනවනේ..

"පියසීලි අක්කා ඊයෙත් කෝල් කලා බන් බත් එක ගැන අහලා. අරකිට උබෙ අතෙන් හදපු බත් ටිකක් කන්නම ඕන කියනවලු..පව් බන්. උබේ කෑම වල රස දන්නවනෙ ඒකි හොදට"

අම්මා එහෙම කිව්වාම මට බකස් ගාලා හිනා ගියෙ අම්මා රවලා මගෙ දිහා බලද්දි.. එයා හුගක් කල් ඉදන් මගේ කෑම එකේ රස බලන්න බලන් හිටියාට කරගන්න බැරිවුනා සුදු අම්මේ කියල මම හිතෙන් හිතලා අන්තිම වම්බට්ට කපාගන කපාගන ගියා..

"හිච්චෝ!! උබ ඔය නටන්නෙ හවස පන්තියේ වැඩ සේරම ඉවර කරලද? අසෝක සර් මට ගිය සතියෙත් කිව්වා උබ අර සතර පොතේ වැඩ ටික කරගන ඇවිත් තිබ්බෙ නෑ කියල!!"

අම්මා කුස්සියෙ ඉදන් හිච්චාට කෑගහද්දි මාවත් උඩ ගියා.. හිච්චාට අද හවස ශිශ්‍යත්ව පන්ති. ජනාධිපතිට නිවාඩු තිබ්බත් අපෙ හිච්චාට නිවාඩු නෑ..

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now