20.

1.5K 270 42
                                    

මොකද උබ තනියම හිනාවෙන්නෙ?"

මම හිටියෙ සහන්ලෑ ගෙදර උගේ ඇදේ.. දැන් ඉතින් අපි දෙන්නා යාලුයිනෙ.. මෙහෙමයි.. මම මෙහෙ ආවාම මූ අඩලා මාව බදාගන සමාව ඉල්ලලා කියන්නයි හිටියෙ කියල උබ කියනවනම් සුදු බාප්පාව උනත් අතාරින්නම් කියල හෙන නාඩගමක් නටලා කොහොමහරි මගෙ හිතත් උණු වෙලා මම ඉතින් සමාව දුන්නා..

සමාව දුන්නෙ මගෙ හිත උනු වෙච්ච නිසාම නෙවෙයි.. දැන් මගේ හිතෙත් හොරයක් තියන නිසා.. කොච්චර මොනවා උනත් තුහින අයියා ගැන මගෙ හිතේ තියන අමුතු හැගීම් ගැන දැන්ම සහන්ට කියන්න මට හිත හදාගන්න බැරි උනා.. තුහින අයියායි මගෙයි අතර වෙච්ච දේවල් ගැන උනත් සහන්ට දැන්ම කියන්න මට හිත හදාගන්න බැරි උනා.. ඉතින් මුටත් එහෙම පෞද්ගලිකත්වයක් තියනවනෙ.. කොටින්ම ආදරේ වගේ දේකදි අනිත් අයට ඕනාවට වඩා විවෘත වීම කරන්න අපහසු වගේම කරන්න ඒ තරම් හොද නැති වැඩක්..

යාලුවෝ තමයි.. අපි හොදම යාලුවෝ.. ඒත් සමහර තැන් තියනවා ඒ තැන් වලදි අපි සීමාවක ඉන්න ඕන.. ඕනම බැදීමක එහෙම සීමාවක් තියනවා.. අන්න ඒ සීමාව අපි හැමෝම දැනගන ඉන්න ඕන වගේම ඒ සීමාවට අපි හැමෝම ගරු කරන්න ඕන..

කොටින්ම දරුවෝ දෙමව්පියෝ අතරත් සීමාවක් තියනව.. දරුවන්ගෙ ජීවිත වලට අනවශ්‍ය බලපෑම් කරන්න දරුවන්ගෙ හීන නැති කරන්න දරුවන්ගෙ අනාගතය තීරණය කරන්න දෙමව්පියන්ට බෑ වගේම දෙමව්පියන්ගෙ ජීවිත වල එයාලගෙ නිදහස එයාලගෙ ජීවිත වල එයාලාගෙම දේවල් ගැන හිතල දරුවොත් අනවශ්‍ය විදියට දෙමව්පියන්ට බරක් නොවී ඉන්න ඕන..

ඔය වගේ අපි ගොඩනගාගන්න හැම බැදීමකම එතිකල් සීමාවක් අපිම හදාගන්න ඕන.. අපිම හදාගන්න ඒ සීමාවට අපිම ගරු කරලා ඒ සීමාවෙන් මෙහාට වැඩ කරන්න අපි වගබලාගන්න ඕන.

සහන් ඇදට පැන්න ගමන් මම ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කලා.. මම බල බල හිටියෙ තුහින අයියාගෙ එදා ගත්ත මුහුදු පැලෑටියක් ඔලුව උඩ තියාගන ඉන්න ෆොටෝ එක.. දෙයියන්ට ස්තූති වෙන්න ෆෝන් එක හැදුවට තිබ්බ කිසි දෙයක් නැතිවෙලා තිබ්බෙ නෑ..

තුහින අයියා එක්ක ඊයේ සිද්ද වුන දේවල් එක්ක මගේ බඩ පපුව දැවිල්ල අරනග ඇග හිරිවැටෙන එක දහස් ගුණයකින් වගේ වැඩි උනා.. ඒ හැගීම එක්ක මට හයර් යන්න හන්දියට යන්න හිතුනෙත් නෑ.. ගෙදර තනියම ඉන්න හිතුනෙත් නෑ ඉතින් මෙහෙ ආවා.

ඇහි පිල්ලම් යට (TaeKook)Where stories live. Discover now