ජීවිතේ හැමදාම නරක දවස් තියෙන්නෙ නෑ ඔරලෝසුවෙ කටු කැරකෙන්න කැරකෙන්න දවස් ගතවෙලා යනවා පාට දවස් වගේ ම අදුරු දවස් ඒ අස්සෙ එන එක සාමාන්‍යයි. සති අන්තයෙ දවස් දෙකම යුග්ම හිටියෙ චනෙරු ලයි ගෙදර. එයාගෙ ' සදා ' එක්ක ගතකරපු ඒ දවස් දෙක යුග්ම ව අලුතින් ජීවත් කෙරෙව්වා වගේ. දවස් දෙකේම මුලු කොලබම ඇවිදලා ෂොපින් කරලා අලුත් කෑම ජාති ට්‍රයි කරලා මූවි ඩේට් ගිහිල්ලා ඉරිදා රෑ වෙද්දි යුග්ම චනෙරු එක්ක සෝෆා එකට වෙලා ' සදා ' ගෙ අලුත්ම රෙසිපි එකක ට හදලා දුන්න ෆලූඩා වීදුරුවක් බොන ගමන් හිටියෙ. රෝස පාට ෆලූඩා එක උඩින් වැනිලා අයිස්ක්‍රීම් එක්ක ස්ට්‍රොබෙරි අයිස් ක්‍රීම් දාලා වීදුරු ව යටින් චොක්ලට් රේඛා ගිහින් තිබ්බ ෆලූඩා එක යුග්ම අත් දෙකින් ම බදන් හිටියෙ. එක උගුර උගුර බිබී දිව වටේ තොල් ගෙනියන කොල්ලා දිහා බලපු චනෙරු එයාගෙ වීදුරු වෙ ඉතුරු වුනු ටිකත් යුග්ම ගෙ එකට දාලා නැගිටලා කුස්සියට ගියා.
' සදා ' හිටියෙ කුස්සියට වෙලා රෑට කන්න සැන්ඩ්විච් හදන ගමන්. යුග්ම ට අද දවල් ආව ලොකු දොලදුකක් නිසා තමයි සැන්ඩ්විච් කන්න ඕන වුනෙ." යුග් උබලයි තාත්තා අපේ තාත්තට කතා කරලා තිබ්බා "
යුග්ම හිටියෙ කකුල් දෙකත් සෝෆා එක උඩින් දාගෙන සාලෙ තිබ්බ ලොකු ටීවී එකට එබිලා.
" එහෙමද "
" උබට ඒ මිනිස්සු දෙන්නා උන්නද මලාද කියලවත් දැනගන්න ඕන කමක් නැද්ද."
" මට මෙහෙම හොදයි "
" අන්කල් ලගදිම ආයි මැරි කරනවලු එහේ ලේඩි කෙනෙක් ව.සේනාවී ආන්ටි නම් එනවා කිව්වා ලබන මාසෙ උබට කියන්න කිව්වා..උබෙ ෆෝන් එක මේ ටිකේ ම ඕෆ් කියලා "
" ම්ම් "
" උබ ඇත්තටම හොදින් ද බන් ඔය ඉන්නෙ "
" මන් හිතන එක නැවැත්තුවා කිසිම දෙයක් ඕනවට වඩා හිතන්න හොද නෑ.. වෙන දෙයක් වෙන්න කියලා මන් බලන් ඉන්නවා ඒක ලේසි ඕනවට වඩා හැමදෙයක් ගැනම හිතලා හිත රිද්දගන්නවට වඩා "
" උබ හොදින් නම් එච්චරයි.. ඒත් එලියට හිනාවෙලා ඇතුලින් අඩන්න ලෑස්ති වෙන්න එපා කලින් වගේ.. ඕන දේකට මායි අම්මයි උබට ඉන්නවා හරිද "
YOU ARE READING
ආරු... ( BL ) COMPLETED ✓
Non-Fictionමන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. උබේ ඇස්.. ඒවට පුලුවන් මාව සම්පූර්ණෙන්ම පාලනෙ කරන්න.ඒත් ගොඩක් කල් ගන්න එපා ආරු.. උබ මගේ අහසෙ හදක් වෙලා පායද්දි මන් අමාවකට ආස වෙලා තියෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා - යුග්ම අවින්ද්‍ය කාලකන්නි වෙච්ච ජීව...