Chapter 06

339 62 52
                                    

Author's view

ජන්ග්කුක්ගෙන් වගේ ම මින්යූගෙන් අහන්න ලැබුන ඒ හැම දෙයක් ම සූයා හරි සන්සුන් ව අහගෙන හිටියේ වචනයක්වත් පිට නො කර. ජන්ග්කුක් ඒ අතීත කතාව ඉවර කරනවත් එක්ක ම සූයා ගාවින් ම හිටපු මින්යූ සූයාගේ මූණට එබුනේ තමන්ගේ කටකාරකම ඒ විදිහට ම උරුම කරගත්තු සූයාගේ මේ නිහඬතාවය ගොඩක් නුපුරුදු දෙයක් නිසා.

"මියාන්හේ සූයා. ඔම්මටයි අප්පටයි සමාව දෙන්න පුළුවන් ද මගේ මැණිකට? "

තවමත් ඇස්වලින් අලුත් වෙන කඳුළු අතරින් ම සූයා මින්යූට යන්තමින් ඔළුව වැනුවා.

"ඔ-ඔම්මා.. අ-අප්පා.. ඔයාලා කොහොමද ඒ තරම් දේවල් කළේ මන් වෙනුවෙන්? ඔම්මා, ඔයා කොහොමද කිසිම ලේ නෑකමක්වත් නැති මාව ඔයාගේ ම දරුවෙක්ටත් වඩා හොඳින් බලාගත්තේ? "

පළවෙනි වතාවට සූයාගේ කටින් වචන කිහිපයක් එක දිගට පිට වෙද්දි මින්යූගේ ඇස්වලටත් කඳුළු පිරුණේ සතුටට වගේ ම සූයා අහපු දේ නිසා.

"ආනියා සූයා-යා.. ඔයා මගේ ම දරුවෙක් තමයි. ආපහු කිසිම දවසක ඒ කතාව කියන්න එපා. ඔයාගේ අප්පා.. එයා ඔයාගේ ඇත්තටම ඔප්පා වෙන්න ඇති. ඒත් එයයි අප්පා කෙනෙක් විදිහට ඔයාට හැමදේම දුන්නේ. දරුවෙක්ට උපත දුන්නු පලියට එයාලා දෙමව්පියෝ වෙන්නේ නෑ සූයා. දරුවෙක්ව හදා වඩා ගන්න එයාලා වෙන මහන්සිය, එයාලා ඒ දරුවට දෙන ආදරේ තමයි එයාලව දෙමව්පියෝ කරන්නේ. "

මින්යූ සූයාව වැළඳගෙන කිව්වේ එයාගේ ඇස්වලින් පිට පනින කඳුළු වළක්වගන්න අසාර්ථක උත්සාහයක යෙදෙන අතරේ.

"අරස්සොයෝ ඔම්මා. මන් ආපහු කවදාවත් එහෙම කියන්නේ නෑ. ඒත් අප්පා.. මන් දෙයක් ඇහුවොත් ඇත්ත ම කියන්න පුළුවන් ද? "

සූයාගේ ඇස් මේ වතාවේ යොමු වුණේ තමන්ට ඉස්සරහින් වාඩි වෙලා ඉන්න ජන්ග්කුක්ට.

"ම්ම්.. මොකක්ද මැණික? "

සූයාගේ ලෝකයේ වීරයා වුන ජන්ග්කුක්ත් අද අසාමාන්‍ය විදිහට නිහඬ වෙලා තිබුනේ සූයා ඉස්සරහ කඳුළු හලන්න තියෙන අකැමැත්තට.

"හරාබොජි කතා කරලා අප්පට මොකද කියන්නේ අප්පා? "

"අනේ ඒක මගේ මැණිකට ඕනේ නෑ සූයා-යා. "

Appa || JJK [Completed] Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ