CHAPTER 19 🌱

264 46 27
                                    

හසීගේ මට ප්‍රපෝස් කරලා හරියටම මාස තුනයි අදට.. අද තමා අපේ වෙඩින්ග් එක.. කාලයක් බලන් හිටපු හීන මවපු දවස අද..

අද වෙඩින්ග් එක නිසාම මම පෙරේදා අම්මලා ලගට ආවා.. හසීගේ ෆැමිලි එකේ අයත් අපේ ගෙදර ඇවිත් හසී එක්ක හිටියා.. පුතානම් මාත් එක්ක ඉදලා අද උදේ සසින් එක්කන් ගියා එයා එක්ක තියාගන්නම් කියලා..

පහුගිය මාස තුනම වෙඩින්ග් ප්ලෑනින්ග් වැඩත් එක්ක බිසී වෙද්දි අපි දෙන්නම කැමති විදිහට හරිම සිම්පල් වෙඩින්ග් එකකට ලෑස්ති වුනේ.. ලොකූ පිරිසක් නැතුව ෆැමිලීස් වලටයි අපි දෙන්නගේ ලගම යාලුවොන්ටයි විතරක් සීමා කරලා පොඩි හරිම සිම්පල් වෙඩින්ග් එකකට අපි දෙන්නා ලෑස්ති වුනේ..

" පුතා ඔයා රෙඩීද "

" මම රෙඩී අම්මා.. එන්න ඇතුලට.. "

මම හිටියේ අපේ වෙඩින්ග් හෝල් එකේම රූම් එකක ලෑස්ති වෙන ගමන්.. හසී වෙනම රූම් එකක ලෑස්ති වෙන ගමන් හිටියෙ.. අපි දෙන්නා දවස් දෙකකින් දෙන්නට දෙන්නව දැකල නෑ..

" වාව්.. මගේ රත්තරනේ ඇස් වහක් වදින්න එපා මගේ කොල්ලට.. "

" අම්මා මන් ලස්සනද "

" මොනවද දෙයියනේ අහන්නේ.. රජ කුමාරයෙක් වගේ.. පුදුමාකාර ලස්සනයි.. අදනම් ශෙහාන් පුතාට ඔයාගෙන් ඇස් එලියට ගන්න බැරි වෙයි.. "

" අම්මා හසීව දැක්කද "

" ඔව්.. එයාත් හැමදාමත් වගේ මාරම හැන්ඩ්සම් පුතා.. අපේ දගමල්ලයි අප්පච්චි එක වගේ ඇදලා අදුනගන්න බෑ දෙන්නම එකවගේ.. "

" අනේ මට හසීව බලන්න ඕනි.. "

" ඉන්න ඉන්න තව ටික වෙලාවයි.. මම එහෙනම් හෝල් එකට යනවා.. තව විනාඩි 10කින් මන් අප්පච්චි එක්ක එන්නම්.. ලෑස්ති වෙලා ඉන්න.. "

මම ඇදලා හිටියේ වයිට් කලර් ෆුල් සූට් එකක්.. හැබැයි ඒක මම ඩිසයින් කරේ ටිකක් මොඩර්න් ටයිප් එකට.. වයිට් රෝස් ඇන්ඩ් සිල්වර් පර්ල්ස් එක්ක ඩීප් වී නෙක් කට් එකක් එක්ක මම ටිකක් මොඩර්න් සූට් එකක් තමා ඩිසයින් කරේ.. හසී මගේ සූට් එක දැක්කේ නෑ මට එයාව අද සප්‍රයිස් කරන්න ඕනි නිසා..

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now