- 67 -

238 39 26
                                    

       " රහල්- අහ්. Excuse me sir.. " හේශරගේ කාර්‍යාල මේසයට පිට දී ඔහුගේ ඔඩොක්කුවෙහි හිදගෙන.. ගෙල වටා පැටලූ දෑත්වලින් හිසකේ අවුස්සන අතර  රලු තොල් සිපගැන්මක පැටලී හුන් රහල් ඔඩොක්කුවෙන් පැන්නේ කගවේනෙකුගේ වේගයෙනි.

         කාන්තා පොලිස් නිළධාරිනිය වික්ශිප්තව බලා සිටින අතර රහල් කට පිස දමාගනිමින් කාර්‍යාල කාමරයෙන් පිට වීමට සැරසුණි..

   " What is it Nethasha.. "

   " ස' රහල්ව මුණගැහෙන්න කියලා මිනිස්ට දේවනාරායණ ඇවිත් ඉන්නවා.. "

     රහල් එසේම නැවතුණේ ය. හේශර දෙස බැලූ ඔහු හේශරගේ තීරණය වච්න ලෙස පිට වන තෙක් ඉවසුවේය.

       " මගෙ කැබින් එකට එන්න කියන්න නෙතාශා.. "

    

     දේවණාරායන ඇතුලු වූ පසු දොරගුලු ලා හේශර අසල හිටගත් රහල්  මහලු මිනිසා අසුන්ගන්නා තුරු උන්නේය.

          " ඔෆිස.. මගෙ පුතා... "

ඔහු මදක් හීල්ලුවේ ය. " ඇවිදින් මගෙ කොල්ලව ටිකක් බලන්න ඔෆිස... මොකක් නමුත් දරුණුම දෙයක් කොල්ලා අතුරුදන් වෙලා හිටිය ටිකේ සිද්ධවෙලා තියෙනවා. "

     "  .... මිනිස්ට... එහෙම කියන්න හේතුව...? "

    " ..... මගෙන් උදුරගෙන ගියෙ කොල්ලෙක් වුණාට.. ආපහු ආවෙ කෙල්ලෙක්... සර්.. " ඔහු ඉකි ගසමින් හිස බදාගත්තේය. ජේශ්ඨ නිලධරයා හා මුහුණෙන් මුහුණ බලාගත් රහල්ගේ මොලය ඇවිලෙමින් තිබුණේ ය.



     

                                    " කොහොමද? "


                     සයනයේ දිගා වී සිවිලිම මත දෑස් තබා ගැඹුරු කල්පනාවක සිටි කොලුවා අසල රහල් හිදගත්තේ ය.

                    " අයියා බලල යන්න ආවෙ.. රවන්න එපා ඉතින්... " ඔහු වඩා කුලුපග විය. ' අයියා ' යන ආමන්ත්‍රණය කොලුවා හා ඔහු අතර පරතරය අවම කරන්නේ ය.

                    කොලුවාගේ ඉරියව් අධ්‍යනය කළ හැකි පරිදි සයනය මත හරිබරි ගැසුණු ඔහු සෙහස්නගේ අවධානය තමා වෙත හරවාගන්නට තැත් කළේය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now