~~~~~~~~~~~~
' පාන නිව්ව සේ පාලුයි ලැයිම් කාමරේ..
මන්ද නුබ ගියේ.. කියපන්, පුංචි සාවියේ... '" ලොකු අයියෙ.. "
" ම්ම්... " නෙලුම් ජනෙල් පඩියට හිස තබාන කල්පනා ලෝකයක සිටි බව සපත්තු පොලිශ් කරන අසිපත්ගේ නෙත ගැටුණ ද ඔහු කිසිත් නොකීවේ ය. ඇස් ඈත රැල්ල නගන වැව් දිය කඳ මතම තබාන නෙලුම් අසිපත්ගේ දුරකථනයෙන් නික්මෙන ගීතයට සවන් දුන්නේය.
" ලයිට් කාමරේ ඇයි පහන් පත්තු කරන්නෙ..? "
ගිලිමින් සිටි කෙල අසිපත්ගේ ඉස්මොලේ උඩුදිව්වේ ය. උස් හඩින් එන සිනහව වාවාගෙන ඔහු කැස්ස හා මොහොතක් පොරබැදුවේය.
" ලයිට් නෙවෙයි බං.. ලැයිම් කාමරේ.. "
" ඒ මොකද්ද ඒ.. " නෙලුම් නැගිට හිදගත්තේ උනන්දුවෙනි.
" මැනික.... " අදිමින් පැවසූ අසිපත් සපත්තු කුට්ටම බිම තැබුවේ අත ලේන්සුවකින් පිස දමමිනි. " දැන් අපේ ගම්වල තියෙන පැල් වගේ.. වතුකරේ තියෙන්නෙ පොඩි ගෙවල්.. ඒවට තමා ලැයිම කියන්නෙ.. "
YOU ARE READING
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Science Fictionමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...