CHAPTER 2 🌱

428 52 19
                                    

" පේශන්ට් ගොඩක් වීක් නිසා බෙහෙත් වෙලාවට දෙන්න.. අනික කන බොන දේවල් වෙලාවට වෙන්න ඕනි.. ඩිස්චාර්ජ්  කරන්නේ පුලුවන් කමකට නෙවෙයි අවංකවම.. ඒත් තියෙන සිටුවේශන් එක නිසා පේශන්ට මෙන්ටලි බලපායි කියලා බයටයි ඩිස්චාර්ජ් කරන්නේ.. ඒ නිසා දිගටම හොඳ කෙයාරින්ග් එකක් දෙන්න එයාට "

" හරි ඩොක්ටර්.. තැන්ක්‍යූ සෝ මච්.. "

හසී මට අඩ අඩ වැදලා ඉල්ලුවේ එයාට මල්කි වෙනුවෙන් දානෙට ඉන්න ගෙදර එක්කන් යන්න කියලා.. අවංකවම එයා බැගෑපත් වෙද්දි ඒ කටින් මට මැරෙන්න කිව්වොත් ඒකත් කරන තරමට මට එයාගේ ඒ වචන මගාරින්න බෑ.. ඩොක්ටර්ස්ලා එක්ක කතා කරලා කෝමහරි තියෙන සිටුවේශන් එක පැහැදිලි කරලා හසීව ඩිස්චාර්ජ් කරගන්න මට පුලුවන් වුනා..

" හසී.. "

" නිසල් ඩොක්ටර්ස්ලා මොකද කිව්වෙ? "

" හසී ඉන්න කලබල නොවී.. ඉස්සෙල්ලා මම කියන දේ අහන්න.. මම ඔයාව ගෙදර ගෙනියනවා මම කියන දේවල් ටිකට කැමතිනම්..  "

" මම කියන ඕනි දේකට කැමති අනේ අපි යන්කෝ "

" ඉන්න.. ඉස්සෙල්ලා අහගෙන ඉන්න.. පලවෙනි දේ දැන් ගිහින් රෑට කාලා බෙහෙත් බීලා හොදට නිදාගන්න ඕනි.. මමයි සසිනුයි මල්කිලගේ ගෙදර අයයි අපේ ගෙවල් වල ඔක්කොමලා එකතු වෙලා දානේ වැඩ ඔක්කොම ලෑස්ති කරලා තියෙන නිසා ඒ ගැන නොහිතා හොදට නිදාගන්න.. මම හෙට උදේම ඔයාව එක්කන් යනවා.. මීට පස්සේ ඔයාට තනියම එපාට්මන්ට් එකේ ඉන්න තහනම්.. එක්කෝ අපේ ගෙදර නැත්නම් ගිහින් අම්මලා එක්ක ඉන්න.. එහෙමත් නැත්නම් මම එනවා එපාට්මන්ට් එකට.. කැමතිද ? "

" මම සුයිසයිඩ් කරගන්නේ නෑ නිසල් බය වෙන්න එපා.. "

" හසී තෝ මගෙන් කුනුහරප අහගන්න එපා.. තොට ඕනි වුනත් ඒකට මම ඉඩ තියන්නේ නෑ.. ඒ නිසා ඒ ලබ්බක් ගැන කියවන්න එපා.. "

" හරි බන්.. දැන්වත් යමුද "

" ඉදහන් සසින් එන ගමන් "

එයා මගේ ආදරේ තරම නොදැන මන් ඉස්සරහ මැරෙන කතා කියනවා.. කදුලු හෙලන්නවත් අවසර නැති තැන මේ වචන මම කොහොම දරාගන්නද.. එයාට මේ දැනෙන දුකම දෙයියනෙ මටත් දැනෙනවා.. එයා මේ අවුරුදු 10ම සතුටින් හිටියා.. ඒත් මම?? මම මේ අවුරුදු 10ම ඒ දෙන්නා දිහා බලන් නොමැරි මැරුනා.. ලැබෙන්නේ නෑ කියලා දැන දැනන් තාමත් බලන් ඉන්නවා.. එහෙම වේදනාවක් මගේ පපුවෙ මම හිරකරන් ඉන්නේ.. ඒ වගේ වෙලාවක මගුල මැරෙන හුත්තක් කියනවා..

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now