- 51 -

268 47 17
                                    


*********

        " අර ඉන්නෙ නෙලුම් නෙවෙයි ස! අර ඉන්නෙ මගෙ මල්ලි නෙවෙයි හුත්තො.. ඒ මගෙ මල්ලි නෙවෙයි! " අසිපත් හිසකේවලින් ඇදගත්තේය. ඔහුට දැනුනේ මහත් පීඩනයකි. ඇස් පනාපිටම ඔවුන් නිවැරදි ලෙස පෙනුන ද ඔහුට තවමත් මෙය විශ්වාස කළ නොහැකි විය.

     " අසිපත්. නෙලුම්ට තියෙන්නෙ DID.. සයිකියාට්‍රිස්ට් diagnosis දීල ඉවරයි ඩොක්ට'ට වැරදිලා වෙන්න බෑනෙ. "

     " මේ කපටි පකයා ඌත් රවට්ටන්න ඇති ඕයි!'. "

  " හරි.. ඇත්තටම ඒ ළමයට මේ ලෙඩේ තිබුණමයි කියමුකො. අසිපත්  හැඟීම් විශ්වාස කරගෙන රිද්දන්නෙ අසිපත් මල්ලිටමනං? "

     " හරි මං ඕක විශ්වාස කරාම කියමුකො. ඒ අස්සෙ මගෙ නෙලුම් කොහෙහරි දුක් විඳ විඳ ඉද්දි මං මේ කොහෙවත් යන පොඩි පකයෙක් විශ්වාස කරගෙන මගෙ නෙලුම් ගැන හොයන්නැතුව ඉන්නවා නම්..? "

    " ඇස්වලට පේන්නැද්ද අසිපත්. මේ ඉන්නෙ නෙලුම්. නිවුන්නු වුණත් ලොකු වෙද්දි පොඩිම හරි වෙනසක් තියෙන්නම ඕන. ඒත් මේ නෙලුම්ම තමා.. "

     " මූ නෙලුම් නම් මට මූව දැනෙන්නෙ නැත්තෙ ඇයි.? "

" අසිපත්.. හැඟීම් හැමවෙලේම හරියි කියන්න අපිට බෑ. අසිපත් මේ කොල්ලා දිහා සැකෙන් බලන හින්දා හැඟීම්වල වෙනසකුත් වුනා වෙන්න පුලුවන්. හැඟීම් හැමවෙලේම හරියි කියන්න බෑනෙ අසිපත්. ඕවගෙන් වැඩි හරියක් හිතලු.. "

     " මං දන්නෑ ස'.. " මනෝවෛද්‍යවරයා පෞද්ගලිකව හමු වී අසිපත්ට රෝග තත්වය පැහැඳිලි කිරීමට පවා කාලය මිඩංගු කළේ නෙලුම්ගේ ආරක්ෂාව පතා වුවද නෙලුම්ට ඇත්තේ මනෝමය චරිතයන් වෙනස් වන මානසික රෝගයක් බව තවමත් ඔහු විශ්වාස නොකළේය.

     කෙසේ නමුත් දැන් දැන් ඔහුගේ සිත ද දෙගිඩියාවක අතරමං ව රැඳුනේය.

        නිවෙසට ගොඩවෙන විට කලබලයට පත්ව සිටි අත්තම්මා හා සීයා රහල් විසින් සන්සුන් කරනු ලැබූ හ. නෙලුම්ට දරුණු හිසේ අමාරුවක් ඇති වූ නිසා වෛද්‍යවරයෙකු වෙත ගෙනයනු ලැබූ බවද.. මේ වන විට ඔහු යථා තත්වයට පත් ව ඇති බවද ඔහු ගෙතූ කතා අතර තිබුණි.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now