ආශාද් 60k
සියපත් රොන් 9k
Toxic 58kඔයාලට තමයි තෑන්ක් කරන්නෝන 🥺💗
💗💗💗💗
♡♡♡♡♡♡♡♡♡♡♡♡
" පොඩි එකා ගෙයි ඉන්නවද? "
" පොඩි උන් දෙන්නම ඉන්නවා.. තාම බුදි. මොකෑ කෙලීගෙ අප්පච්චි හති දාගෙන? " කහට පෙරමින් සිටි මැහැල්ල චීත්ත රෙද්දේ පහත වැටුනු පොට ගෙල වටා නැවත ඔතාගත්තාය.
හිමිදිරි පාන්දර ගමේ ඇසුණු සද්ද බද්ද ගැන සොයා විමසන අටියෙන් අල්ලපු ගෙදර කොල්ලන් දෙදෙනාත් ඉස්සර කරගෙන ගම්මුන්ගේ හඩවල් ඇහෙන පන්සල් පාර දෙසට ගිය සිය සැමියා හති දමාගෙන නැවත විත් කුස්සියේ දොරෙන් ම ගෙපිළට ගොඩ වී ගෙතුලට එබී බැලුවේය.
කොල්ලන් දෙදෙනා එකට තුරුල් වී එතී තද නින්දේ සිටියාහ. අත්තා ඔවුන් දෙදෙනාගේ උරහිස්වලට තට්ටු කළේය.
" නැගිටපල්ලා! තොපි ඉස්කෝලෙ යන්නැද්ද?! "
ඒශ්වර් නැගිට කබ කඩමින් කුස්සියට ආවේය. අත්තම්මා අතින් හකුරු කෑල්ල ද තේ කෝප්පයද ගත් ඔහු බංකුවක් මත හිදගත්තේය.
" සුදූ! උබ ඉස්කෝලෙ යන්නැද්ද?! "
" අනේ අත්තා.. අද බෑ.. " නෙලුම් ඒශ්වර්ගේ පොරෝනය ද ගෙන තමා වටා ඔතාගනිමින් තම කොට්ටය බදාගෙන ඒශ්වර්ගේ කොට්ටය දෙපා අතර සිර කරගත්තේ ය.
YOU ARE READING
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Science Fictionමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...