- 38 -

372 67 42
                                    


    ♡♡♡♡♡♡♡♡♡♡♡♡

     " ස' , මට කතා කරන්න පුලුවන්ද? " අකේන්‍යගේ මුහුණේ රැඳුණේ නොරිස්සුමකි. වසත් සුසුමක් පිට කළේය.

     " පීරියඩ් එකෙන් පස්සෙ කොරිඩෝ එකට එන්න අකේන්. "

    " හා ස' " හදවතින් නැතත් වචනයෙන් එකඟ වූ කොලුවා නෙලුම්ගේ හිස් අසුන දෙස බලාගෙන ගොස් සිය අසුනෙහි හිදගත්තේය.

     කාලච්ඡේදය අහවර වන තෙක් ඔහුගේ මනස එක් තැනක නොරැඳුණි.

    " දැන් අපේ ප්ලෑන් එකට මොකද වෙන්නෙ වසත් ස'? "

    " ඒක කෙරෙන්නෑ අකේන්. රහල් ආපහු ගියා. රහල් නැතුව අපිට ඒ වැඩවලට අත ගහන්න නීතිමය පැත්තෙන් බාධාවක් තියෙනවා පුතා. අනික ඔයා වගේ ස්ටුඩන්ට් කෙනෙක් මේවට හවුල් කරගත්ත එකට රහල්ට එයාගෙ senior punish කරලා තියෙනවා. ආපහු ඔහොම දෙයක් ආරංචි වුණොත් ජොබ් එක නැති වෙන්නත් ඉඩ තියෙනවා කියලා රහල් කිව්වෙ. "

     " පනිශ් කරා කිව්වෙ? "

" ඒක මං දන්නෑ. රහල් කිව්වෙ එච්චරයි. "

    " එතකොට අභිලාශ් කියන වලත්තයා නෙලුම්ට කරදරයක් කරොත් කවුද ස' වගකියන්නෙ?! සොරි මං කතා කරන විදියට. ඒත් ස' මට ඔය ඔක්කොටම වඩා නෙලුම්ගේ ජීවිතේ වටිනවා. "

    " අපි ඒක දන්නවා අකේන්. ඒත් අපිට නෙලුම්ගේ වගේම ඔයාගෙ ජීවිතෙත් වටිනවා. අපේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ගෙම ජීවිත අපිට වටිනවා. ඔයාව මේකට හවුල් කරගත්ත එක අපේ වැරැද්ද. රහල්ගෙ සීනිය' කියන කතාව ඇත්ත. ඒකෙ සීරියස්නස් එක අපිට තේරුණේ රහල්ගෙ සීනිය' කිව්ව දේවල් වලින් පස්සෙ. "

     " මං බය නෑ ස' .. අනේ මට තවත් ඔය අභිලාශ් කියන පරයා එක්ක ගනුදෙනු කරන්න බෑ ස.. ඌ දකිද්දි මාව වෙව්ලනවා.. කේන්තිය මට කන්ට්‍රෝල් නෑ. බෙල්ල ගැලවෙන්න ගහන්න හිතෙනවා. ඌ හදන්නෙ නෙලුම්ව නැති කරන්න කියලා දැන දැන මට බෑ ස' ඌ එක්ක මොකුත් නොදන්නවා වගේ හැසිරෙන්න. "

     වසත් අකේන්‍යගේ උරහිස මත අතක් තබා තට්ටුවක් දැමුවේය. ඇස් කොනින් මායාන්ගේ රුව දකින විට අත ඉබේම ඉවත් වූයේ ඇයිදැයි ඔහු බොහෝ කල්පනා කළේය.


සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now