" අර වැඩේ දැන් කොහොමද හේමන්ත.? ප්රොග්රෙස් එකක් තියෙනවද?.. "
" තව සති දෙකකින් ආය ට්රයි කරන්න ඉන්නෙ ඇමතිතුමා. පොඩි එකා උස්සන එක තමයි දැනට තියෙන ගේම.. "
" පැලක ඉන්න වයසක මිනිස්සු දෙන්නෙක්ගෙන් පොඩි එකෙක් උස්සන එකත් ගේමක්ද ඕයි? "
" කොල්ලා පස්සෙන් නිතරම අර අසිපත් කැරකෙනවා. අනික.. ඔය කොල්ලව වැඩේට සෙට් වෙයි කියලා ශුවර්ද ඇමතිතුමා? අම්මා අමා වුණාට අප්පා මොකාද කියලා ඒකිවත් දන්නවද කවුද දන්නෙ? "
" ඒකි නොදන්නවා වුණාට මං දන්නවනෙ ඕයි. කිව්ව විදියට වැඩේ කරපං. පොඩි බේබි එයාගෙ කොටස ගාණට කරනවා. තොපේ තමා තාම පමාව තියෙන්නෙ. "
වැඩිමල් පුතු කාර්යාල කාමරයේ දොර අසලින් පෙනෙන විට ඇමති සිය සේවකයාට පිටව යන ලෙස අතින් සන් කළේය.
♡♡♡♡♡♡♡♡♡♡♡♡
" කොල්ලට උණ අඩුද අමා කෙල්ලෙ දැන්? "
" ඔය ඉන්නෙ හේමා නැන්දා.. නින්ද ගිහින් ඇති.. "
ඔතාගෙන ආ ලෙමන්පෆ් පැකැට්ටුව මැදිවිය කත අතේ තැබූ ඈ ගෙපිලට ගොඩ වී නෙලුම්ගේ මුහුණ දෙස බලා හීල්ලුවාය. " මයෙ අප්පේ පව්. "
" උට දැන් අමාරුවක් නෑ නැන්දා. ඇගපත අමාරුව තියෙන්නෙ. පෙරේත ආත්මයක් නෙ එලෙව්වෙ. "
" ....... " මහලු කත උස බංකුව මත වාඩි ගෙන බුලත් කොලේකට ලියූ පුවක් ඇබින්දක් ඔතා හක්කේ ඔබාගත්තාය.
" කහට ටිකක් බොන්නැද්ද , ආපු වෙලේම විට කටේ පුරවගත්තෙ.. "
" මං අපේ හීං එකී රොටියක් පුච්චලා තිබ්බා ඒක කොච්චි සම්බෝලයක් එක්ක කාලා, කහට ඩිංගක් බීපු ගමන මේ ආවෙ. ආය ඕන්නැති කහටක් නෑ කෙල්ලෙ. මොකද්ද ඉස්ටැයිල් කෑමක් හදන්ඩ ගිහින් ඒකිට වැරදිලා, ඒ ගමන අනපු පිටි ටිකේ රොටී පුච්චලා. " ඈ උස් හඩින් සිනාසුණාය.
" කවුද, නාමලී අක්කගෙ පොඩි එකීද?.. "
" ඔව් ඔව්.. ඒකි තමා. "
VOUS LISEZ
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Science-Fictionමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...