- 31 -

364 65 15
                                    

  

රැයේ ඒශ්වර්ට නින්දක් නොවී ය.

       අත්තාගේ ලඟම ඥාති සොහොයුරෙකු වූ සෝමෙ අත්තාගේ මළගම ගැන ආරංචිය ගෙදරට ගොඩ වූයේ එක දිගට තුන් රැයක් බල්ලන් උඩු බුරලා හතරවන දවසේ උදැහැනැක්කේ ය.

        අත්තා ත් අත්තම්මා ත් බොහෝ විස්සෝප වූහ. අම්මාත් මළගමට යා යුතුම විය. මහලු දෙපලකගෙන් මළගෙදරකට ඇති පලක් නැත. කල්දේරම් හා ඔට්ටු වෙන්නට අත්තම්මාට ඇති හයියක් හත්තියක් නැත. ජවසම්පන්න කොල්ලන් හා කරට කර මිනී වලවල් හාරන්නට දැන් අත්තාට ද බැරි ය. නෙලුම් මළගෙදරක ගෙන යා නොහැකි ය. ඒශ්වර් සියලුම වගකීම් භාරගෙන නෙලුම් සමඟ නතර වූයේ රෙදි කෑලි දෙක තුනක් ඔතාගෙන තුන් හතර දොහකට ගෙපැළෙන් පිටමං ව යන වැඩිමහලුන්ට සමු දෙමිනි.

       බකමූණන්ගේ හඩ ඇසුණි. අදුරු සීතල රැයේ ඒ හඩ ගෙනාවේ මූසල ම හැඟීමකි.

නෙලුම් සිටිය යුතු වූයේ අසිපත් ලඟ ය. ඒශ්වර් සිතුවේ හද කාරාගෙන යන දුකක් හා කැටිව සුසුමක් දෙතොලගින් නික්ම යද්දී ය.

       නෙලුම් ඔහු අසලින් නිදා සිටියේය. ඔහුගේ වැඩි කතාබහක් පහුගිය දවස් ගණනාවක් පුරා තිබුණේම නැත්තේය. ඒශ්වර් විමසන කිසිවකට හිස සෙලවීමකින්, ඇස් රෝල් කිරීමකින්, මිමිණුමකින් එහා පිලිතුරක් ලැබුණේ කලාතුරකිනි. ඒශ්වර්ගේ ලාබාල සිතට ප්‍රේමය නවමු නමැති හැඟුම ගෙනාවේ ඉසිලිය නොහැකි බරකි. සිදු වූ වැරැද්ද නිවැරදි කරන ක්‍රමයක් ඔහුට මේ කාලය පුරාම සිතාගත නොහැකි විය.

         අත්තම්මාගේ චීත්ත රෙද්ද නෙලුම්ගේ කලවා වලින් ද පහළට වැටී තිබුණි. කන වටේ කීං ගාන මදුරුවන්ගෙන් ඒ සුමුදු නිකැලැල් සම මත පැල්ලම් ඇති වෙනවා දකින්නට ඒශ්වර් අකමැති විය. චීත්ත රෙද්ද ගෙන ගෙල දක්වා ඔහු පෙරවූ ලාබාල තරුණයා චන්ද්‍රාලෝකයෙන් පවා දීප්තිමත්ව බැබලෙන සියපතක් සේ සොදුරු මුහුණේ සුන්දරත්වය අවසර ලඳ මොහොතේ වින්ඳේය.

         නෙලුම්ගේ ඇහිබැම එකට යා විය. තොල් නෑසෙන යමක් මැතිරුවේය. ඇහිබැම උඩ පහළ ගියේ ය. දත් කන හඩ ඔහුට ඇසුණි. ලාබාල කොල්ලාගේ ඇස් අගට ආවේ ආදරණීය සිනහවකි. නමුත් මේ සුරතල් සොදුරුතම ආදරේ හිමි වන්නට තරම් ඔහුට ඇති සුදුසුකම කුමක් ද? සුසුමක් පිට විය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now