" දත නැති දා උක් දඬු ගිනි තපින්නද? " ඔහු බන්දේසිය අතින් තල්ලු කළේය. " ඕක තියනවා අන්න අහරෙන්. "වැඩිමල් සොහොයුරා මුලුතැන්ගෙයි අරක්ගෙන පැයකට ආසන්න කාලයක් ශුද්ධ කොට ගෙනැවිත් පිලිගැන්වූ උක් දඩු අකේන්ය ප්රතික්ෂේප කිරීම ඔහුගේ නොමනාපයට හේතු විය. නමුත් ඔහුට කෝප ගත නොහැකි විය. අකේන්ය දත් හිරිවැටී වේදනා දෙන බවට පියාට පැමිණිලි කරන්නේ පෙර දින සවස සිට බව ඔහුට මතක් විය.
" එක දතනෙ නැත්තෙ ඉතුරුවගෙන් කාහන්. " බාල අයියා දුරකථනය කනේ ගසාඅනිමින් උක් දඩු කෑලි දෙක තුනක් ඩැහැගත්තේය. අකේන්ය හිසේ වම් පස වීදුරු මේසය මත ගසාගත්තේය.
" කාගනින්.. මං මේ උඩ බිම ඉන්න බැරුව ඉන්නවා. "
" දෙන්නෙ තොට- දත් විසි හතරම බඩට යන්න. පරයා ලොකූට දාන පාට් මට දාන්න එන්නෙපා ඈහ්.. "
" තිස් දෙක.. "
" තොගෙ දත් කීයක් කුනුවෙලා ගැලෙව්වද? විසි හතරත් මං කිව්වෙ exaggerate කරලා.. "
" පලකො යන්න. එකක් පුරවන් ආව අනිත් ඔක්කොම හොදයි.. "
" ආහ් ආහ්.. කියවන්නැතුව ලෑස්ති වෙනවා චූටි.. අප්පච්චි එනකල් ඉන්න ඕන්නෑ මං එක්ක යං ඩෙන්ටිස්ට් ලඟට.. "
" දත් ගලවයිද ලොකූ..? කමන්නෑ අප්පච්චි ආවම යනවා. "
" ගලවන එකක් නෑ බලලා බෙහෙත් මොනාහරි දෙයි. ගලවන්න cavities නෑනෙ. "
" ඔකා බයයි. අප්පච්චි එක්ක යන්න හදන්නෙ ඒකයි. "
" අනේ මේ.. " කතාව නතර වූයේ දෙවනි අයියා ආලින්දයට ආ බැවිනි. සෝෆාව මත හිදගත් ඔහු උක් දන්ඩක් ගෙන උරන්නට විය.
" උබ ෆෝන් එකෙ දැන් කොච්චර වෙලාද බං? ඉවර වෙන්නැද්ද ඕක? "
" පස්සෙ ගන්නං බං... " " ගෲප් අසයින්මන්ට් එකක් කරන ගමන් ඕයි. "
" චීත්ත බිස්නස් එකක් වගේ දෙයක් ගැනද? උබ දැන් මෙච්චර වෙලා පල්හෑලි පතබබානෙ හිටියෙ. "
VOCÊ ESTÁ LENDO
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Ficção científicaමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...