- 07 -

491 82 30
                                    

            " ටීච' , මායාන් මට පොඩ්ඩකට ගන්න පුලුවන්ද? "

      

     
    
    " ආහ්, පොඩ්ඩකට මොකටද? ඔය ඉන්නෙ ගන්න වසත් ස' "

   පන්තිය කෙලවරේ අසුන අද හිස්ව නොතිබුණේය. සුපුරුදු පරිදි එහි අසුන්ගෙන සිටියේ නෙලුම් ය. හිස මේසය මත තබාගෙන ඔහු ගැඹුරු නින්දක උන්නේය. සංගීත ගුරුතුමියගේ ශිෂ්‍යයන් තුන් දෙනාගෙන් කිසිවෙකුත් අද පන්තියේ නොසිටි නිසාත්, චිත්‍ර ගුරුවරයෙකු පාසලට පුරප්පාඩු වූ නිසාත් ඇය පන්තිය නිහඩ කරගෙන  එහි රැදී සිටියාය.

       " මායාන්, පුතා ඔයා නෙලුම් අරන් අඹ සෙවනට යං. විද්‍යාව පොත් දෙකත් ගන්න දෙන්නම. ආහ්.. නෙලුම් නිදි නේද ටීච'.. මොකද දන්නෑ කොල්ලට.. "

      " දැන් විනාඩි දහයක් විතර ඔලුව ඩෙස්ක් එකේ තියන් නිදි ස'.. මං කූද්දන්න ගියෙත් නෑ අසනීපෙන් ඉන්න දරුවනෙ. "

        වසත් අඩක් හිස් ඩෙස් බංකු පේලි අතරින් පිටුපසට ගියේය. නෙලුම්ගේ නළල මත පිට අත්ල තැබුණේය. මද රශ්නයක් දැනුණි.

      මායාන් බෑගය තුල හිස ඔබාගත් වනම පොත් සෙව්වේය.

   " උණ නම් නෑ. "

" ඇගේපතේ අමාරුව ඇති තාම. ඇට්ටරකම තිබ්බට අතේ පයේ දරදඩුකමක් නෑනෙ ස'. "

     " ඒක තමා ටීච'. කමන්නෑ මායාන් නෙලුම්ගේ පොත් දෙකත් ගන්න. සති ගාණක පාඩම් මගඇරිලා ඒව පුලුවන් වෙලාවෙවත් කියල දෙන්න එපැයි. "

     " ස' නේද ක්ලාස් ටීච'...? "

" ඒකනෙ ටීච'. මැත්ස් ස' ට වෙලාවකුත් නෑ මේ දවස්වල. මං පුලුවන් විදියට හැමදේම ටික ටික කියලා දෙන්න බැලුවෙ. මායාන්ට පුලුවන් පොඩ්ඩක් ගයිඩ් කරන්න. මටත් වැඩ වැඩී ඉතින්. හැමදේම බැලන්ස් කරගන්න එපැයි. "

     " ඒක ඇත්ත මායාන්ට බැරියැ තනියෙන් වුණත් කියලා දෙන්න. මායාන් දක්ශයි. "

      

               ප්‍රශංසාත්මක වදන් හමුවේ ද මායාන්ගේ හිතට මහත් බරක් දැනුණේය. පොත් හතර තුරුල් කරගත් ඔහු ඉදිරියෙන් ගමන් කලේය. නෙලුම් සහ වසත්හිරු පිටුපසින් ආහ. ඔවුන් දෙදෙනා අතර ඇති අඩියක පරතරය මායාන්ට බරක් විය. ඔහුගේ උගුර සිර කරමින් වේදනාවක් ආවේය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now